පෘතුවි පරිපථය
ශ්‍රි ලංකාව තුල , විශෙසයෙන් ම සමනොල කන්ද ආශ්‍රිත ව පසුගිය දින කිහිපයේ දී සහ ඉදිරි දින කිහිපයේ දී යම් යම් සිද්දීන් රාශියක් ඇති වන බව අප අනාවරනය කර සිටියා. ඉන් පසුව පොලොන්නරුවේ දී අකාශ යනවක් දුටු බවට පින්තූර පල වූ නමුත් සමනල අඩවියේ සිදුවූ කිසිම දෙයක් ගැන අපහට චායරූ ලබගත නොහැකි උනා. නමුත් ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස අපට වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුනා. එමෙන්ම පින්නවල දී සිදුවූ තවත් මෙවැනිම සිද්දියක් ගොස්සිප්9 වෙබ් අඩවියේ පලකර තිබුනි.
පහත දැක්වෙන්නේ සමනොල කන්ද අශ්‍රිත අහසේ පසුගිය 5 වෙනිදා සවස දුටු වීඩියෝ දර්ශනy.
මෙම
http://www.gossip9.com/2012/07/blog-post_9395.html ලිපිනයෙන් ගොසිප් අඩවියේ තිබු විඩියොව ද බලා ගත හැක.
මෙම ආලෝකය සමනල කඳු අශ්‍රිත අහසේ පසුගිය 5වැනිදා සවස දැකගත හැකිවිය. ජූලි අවසන් මාසය තෙක් මෙවැනි දෙවල් දැක ගැනීමේ භාග්‍ය ලංකා වාසීන් ට උදා වනු ඇත.
මේ මොනවාද? පෘතුවු ශක්ති සංවහන රටාවේ ක්‍රියකරිත්වය හෙලි කිරීමට දැන් කලය ඇවිත්. මාගේ පිරමිඩ ගැන වූ බ්ලොග් සටහන පටන් ගත්තේ මෙම සිද්දීන් ආරම්භ විමට දින කිහිපයකට පෙරයි. ඉන් පසුව දින ගනනවක් නිහඬව සිටීමට සිදුවූයේ මෙම සියලු සිදුවීම පටන් ගන්නතෙක්. දැන් එහි දෙවන කොටස පලකිරීමට අවස්තාව උදා වී ඇත.
මේ ලිපියෙන් හෙලි කරන්නෙ මේ පිලිබඳවයි.
අපි ඉහත ලිපියකින් හෙලි කල අකාරයටම මුලු පෘතුවියම තනි පරිපතයක් ලෙස ක්‍රියා කාරී වෙනව. සහස්‍ර වර්ශ ගනනාවක් නිද්‍රාශීලීව ගතකල මෙය දැන් ටිකෙන් ටික සක්‍රිය වීමට පටන් ගනිමිනුයි පවතින්නෙ. දැන් මෙය හිරු ගේ ශක්තිය තිරකිරීමට පටන්ගනිමිනුයි තියෙන්නෙ. මේක පටන්ගත්තෙ 2000 වර්ශයේ දී. එය ඉතාම සෙමින් ශක්තිය තිරකිරීම ආරම්භ කලා. 2004 දි මුලු පරිපථයම සෙනසුරු ග්‍රහලොවේ ඇති අහි අනෙක් පරිපථ්ය සමග synchronize වුනා. දැන් එහි ශක්තිය තිරකිරීමේ සීග්‍රතාව මදක් වැඩි වෙනව.
මේ තිර කිරීම නිසා තමයි විවිද කාලගුනික සහ දේශගුනික විපර්යස ඇති වෙන්න පටන් ගන්නෙ.
මෙහිදී සමනොල කන්ද සහ අනෙකුත් පිරමීඩ මගින් ශක්තිය උරාගැනීම සිදු වන නිසා ඉහල අවකාශය ඉතා ඉක්මනින් සිසිල් වීමට ගන්නව. එහි සාක්ශි ලෙස තමයි, දිවා කලයේ සහ රත්‍රි කලයේ විවිද එලි දර්ශනය වෙන්න පටන් ගන්නෙ. ඒවගේම ආරෝපන වෙනස් කම් ඇති වන නිසා විවිද එලි දැකගන්න පුලුවන් වේ රත්‍රී අහසේ.
මේ ක්‍රියාවලිය ඉතාම සෙමින් සිදුවන ලෙස මෙහි යාන්ත්‍රනය සකසා ඇත්තේ ඇයි?.
එයට හේතුව මේ ශක්තිය තිරකිරීම වෙගයෙන් සිදුවෙන්න ගත්තොත් එක මුලු පෘතුවියටම ඉතාම දරුනු ලෙස බලපානව. සුලි සුළං, නියඟ සහ භූමි කම්පා ඇතිවෙනව. සමහර අවස්ථා වල විවිද භූමි කම්පා සහ කුනාටු ඇති වීමට මේ පද්දතියේ ශක්ති තිරකිරීම හේතු වුනා. එයින් මිනිසුන්ට සහ දේපල වලට යම් යම් හානි සිදුවුනා. නමුත් මේ ශක්තිය තිරකිරීමේ යාන්ත්‍රනය ආරම්භ වෙල තියෙන්නෙ ඉතාම උතුම් කාර්යයකට. ඒක මොකක්ද කියල මම හෙලිකරන්නම්.
ඊට කලින් දැනගන්න තව දෙයක් තියනව.
මේ සිද්දිය සිදුවුනේ ශතවර්ශයකට විතර ඉස්සෙල්ල. හරියටම කියනව නම් 1908 ජූනි 30වෙනිදා උදැසන 7.15ට විතර. මේ දවසෙ රුසියාවෙ Podkamennaya Tunguska කියන ගඟ අසබඩ ප්‍රදේශයේ අති විශාල පිපිරීමක් සිදු වුනා. ඒක හිරෝශිමා වල සිදුවුනු පිපිරිම්ම වගේ 1000 ගුනයකටත් වඩ විශාල පිපිරීමක්. මෙයින් ව.කි.මී 2000 ක පමන ප්‍රදේශයක් සහමුලින් ම විනාශ වුනා. මේ පිලිබඳව ගොඩක් තොරතුරු තියනව අන්තර් ජාලයේ, ඒවත් කියවන්න. නමුත් ඇත්තටම මොකක්ද මෙතන ස්ද්ද වුනෙ කියල 100% පිලිගන්න මතයක් තවම ඉදිරිමත් වෙලා නෑ. හැමදෙනාම යම්තරමකට හෝ එකඟ වෙන දේ තම්යි මෙම පිපිරීම සිදුවුනේ ඉහල අහසෙදි කියන එක. පිපිරී ගිය වස්තුව මොකක්ද කියන එක ගැන උල්කපතයක්, වල්ගතරුවක් සිට පිටසක්වල යනවක් දක්වාවිවිද මත තියනව.
අප විසින් හොයගත්ත කරුනු අනුව මෙහිදී විනාශ වුනේ අතිවිශාල ග්‍රහකයක් නැත්තම් උල්කාවක් කියලත් කියන්න පුලුවන්. ඒ උල්කාව යම් විදිහකින් පෘතුවියේ වැදුන නම් පෘතුවියේ අංශක 23 .5 ඇලය වෙනස් වෙනව.
එහෙම වුනා නම් සමකය යන්නෙ ධ්‍රැවාසන්න රේඛාවක. වෙන විනශය විස්තර කරන්න ඔනෙ නැ කියල මම සිතනව. එ වගෙ දෙයක් උන නම් අපි ඔක්කොම අයෙත් නවතින්නෙ ගල්යුගයට ගිහින්.
නමුත් ඒ ග්‍රහකය පෘතුවි වායු ගෝලයට ඇතුලු වූ සැනින් ම විනශ වෙලා ගියා. එකෙ කිසිම කැබෙල්ලක් පෘතුවියට වැටුනෙ නෑ. පෘතුවියට වැටෙන ඔක්කොම උල්කාපත පෘතුවු වයුගෝලයට ඇතුලු වුන ගමන් ම අධික තාපය නිසා ගිනිගන්නව. ගොඩක් ඒව පොලවට වැටෙන්න ඉස්සෙල්ල ගිනිඅරගෙන වාශ්පවෙල යනව. නමුත් තරමක් විශාල ඒව පොලවට වැටෙනව.
Tunguska වට වැටෙන්න ගිය අතිවිශාල උල්කාව අහසෙදිම විනාශ වුනා, කිසිම කැබෙල්ලක් පොලොවට වැටුනෙ නෑ. ඒක හරිම පුදුමයි නේද?.
කොහොමද එහෙම වුනේ?
එතනදි තමයි අපිට අයෙත් අපේ පෘතුවි පරිපථය දෙසට හැරෙන්න වෙන්නෙ. එදා පෘතුවියේ වැදෙන්න ගිය උල්කාව ඉහල අහසෙදිම විනාශ කලේ පෘතුවි පරිපථය මගින්. සමනල කන්ද මුදුනෙන් තමයි මෙය විනශකිරීමට අවශ්ය ශක්තිය මුදාහැරුනේ. එක කොච්චර ප්රබල වුනාද කියනව නම්, එක මොහොතකදි මුලු ග්‍රාහකයම දූවිලි අංශු බවට හැරුන. මෙම අංශු යුරෝපය දක්වාම පැතිරිලතිබුන. ඒ අංශු වලට හිරු එලිය වැටිල දිලිසුන හින්ද රත්රි කාලයෙත් ලොකු එලියක් තිබුනලු දවස් කිහිපයක් යනකම්. අවාසනවකට මෙම සිදුවිම වුනේ ලංකාවෙ වෙලවෙන් පාන්දර. ඒක නිසා මම හිතන්නෙ නෑ ලංකවෙ වැඩි දෙනෙක් මෙම සිද්දිය දකින්න ඇති කියල. මෙමෙ සිද්දිය දැක්ක නම් සමනොල කන්දෙ ඉඳල අහසට නැගුනු කොලපාට අලෝක ධාරාවක් ලෙස පෙනෙන්න තිබ්බ.ලංකාවෙ කාලගුනය තරමක් වෙනස් වුනා එදා මුලු දවස පුරාම. කොලඹ, අවටට අයිස් වැස්සකුත් වැටුන. මුහුද රලු වුන නිසා එදා ඉඳල දවස් 2ක් විතර යනකම් ධීවරයන් ට මුහුදු යන්න බැරි වෙල තියනව. තව මොන මොනව හරි සිද්දින් වෙන්න ඇති, ඒත් ඒවට ලිඛිත සාධක හොයගන්න බෑ.
ඉතින් මේ එක දෙයක් විතරයි මෙම පරිපතයෙන් සිදු වෙන. මේම පරිපථය අභ්යානවකාශ යන වලට බලශක්තිය සපයන උපකරනයක් ලෙසත් ක්රි යා කරනව. අපිට ඉදිරි කාලය තුලදි වැඩි වැඩියෙන් හඳුනා නොගත් වස්තුන් දැකගන්න පුලුවන් වෙයි. ඒ වගේ ම පැහැදිලි කිරීමට අපහසු සිදුවීම් වෙන්න ගනියි.
පහත දැක්වෙන්නේ මගේ මිතුරෙකු විසින් අද උදැසන මවෙත එවන ලද විද්යුමත් ලිපියක සංශිප්ත පරිවර්තනයක්.
මම රාත්රීක 8.00ත් 8.30ත් අතර මගේ පුතාගෙ තියන පරන සෙල්ලම් බඩු වගයකට බැටරි දාමින් උන්න. හදිස්සියේම රේඩියෝ තරංග මගින් පාලනය වන අලුත් බැටරි දමා තිබූ සෙල්ලම් බඩු (සෙල්ලම් කාර්4ක්) එක්වරම ක්රිරයත්මක වුනා. මට එක වරටම හිතගන්න අමරු වුනා මොකද වුනේ කියල. එතකොට එලියෙ ගුවන් යානයක සද්දයක් ඇහුන නිස පුත එලියට දිව්ව ඒක බලන්න. එයා එලියෙ ඉඳන් මට කැගැහැව්ව, මම එලියට දුවගෙන ගියා. එතකොට තමයි මම දැක්කෙ තරු තරම් දීප්තිමත් එලි 3ක් තිරස් ව කැරකැවෙමින් ගමන් කරනව, ඊයෙ අහසෙ තරු ගොඩක් තිබුන නිසා එක් වරම ඒක දර්ශනය උනේ නෑ එත් විමසිලිමත් ව බලන් උන්න නම් මේක හොඳින් ම දැකගන්න පුලුවන් වුනා. හැබේ ගුවන් යනයක ශබ්දය ආවේ ඒ එලි ගිය පැත්තෙන් නෙමේ. එත් අපි ගුවන් යානයක් දැක්කෙ නෑ. සද්දෙ විතරයි ඇහුනෙ.
මගේ මේ මිත්ර ය ඉන්නෙ කැලනිය ආසන්නයේ. මේ සිදුවීම වෙලා තියෙන්නෙ 11වෙනිදා. තවත් මේ දේ ගැන දන්නව නම් මෙකෙ කොමෙන්ටුයවක් විදිහට දන්වා සිටින ලෙස ඉල්ලන්න කැමත්යි.
මම මෙම සිද්දිය ගැන ඉදිරියේ දි පැහැදිලි කිරීමක් කරන්නම්.
අවසාන වශයෙන් කියන්න ඔනා, ඉදිරියේ දි ස්වභාවෙක විපත් බහුල කාලයක් එනව. මෙම පෘතුවි පරිපතයේ ප්‍රධාන කර්තව්‍යය මම මෙතන පැහැදිලි කරල නැ. එකට හේතුවක් තියනව. මම එය ඉතම ඉක්මනින් ඉදිරියේදි පැහැදිලි කරන්නම්.