Tuesday, June 26, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

මම ජයරත්න මහත්මය ට ස්තූති වන්ත වෙනව ඔහුගේ වර්ගපූර්ණිකාව (http://vargapurnikava.blogspot.com/) බ්ලොගයේ පෝස්ට් එකක් විදිහට මගේ කොමෙන්‍ටුව පලකිරීම ගැන. බොහෝ දෙනා ගේ උනන්දුවක් ඒ කෙරේ දු‍ටුව නිසා නියමිත කාලයට කලින් වුවත් මම හිතුව මේ බ්ලොග් සටහන් පෙල අරඹන්න කියල. නමුත් ඉතා අවධාරනයෙන් කිවයුත්තේ සමහර දේවල් හෙලිකිරීමට තවමත් නියමිත කාලය නොපැමින ඇති බවයි.
පහත දැක්වෙන්නේ ජයරත්න මහත්මා ගේ "රාවනා රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රො චිපය සදා තිබුනි" යන බ්ලොග් සටහනට මම කොමෙන්‍ටුවක් ලෙස දැමු සටහනයි.
....................................

මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.

1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්

2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත. (මෙය මෙහි සම්පූර්න කතාවේ කොටසක් පමනි. එහි සැබැ කතාව මා ඉදිරි කාලය තුල හෙලි කරන්නම්. )




3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.

4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන "ඉලුමිනාටින්" සහ ‍"ෆ්‍රී මේසන්" වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.

5. ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.


6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.

3 comments:

  1. මෙහි සදහන්වන චිප නැවත ලබාගන්න උත්සහ කිරීමට පුළුවන්. කරුණාකර පහත ලිපිනයට තොරතුරු එවන්න.
    khara.saho@ජී මේල් ඩොට් කොම්

    ReplyDelete
  2. ඉදිරියටත් තව තවත් මෙවැනි ලිපි සාදක සහිතව වඩා සවිස්තරාත්මකව ලියනු මැනවි. පළකර ඇති ලිපි දෙක හොඳ ආරම්භයක්

    ReplyDelete
  3. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete