Friday, June 29, 2012

ශ්‍රි ලංකාවේ පිරමීඩ.

මෙහි පලවන සියලුම ලිපි මා ලියන්නෙ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන  ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක් මෙලෙස දක්වමු.
පර්යේශන අංකය:
අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vortices on the Planetary Grid)

අපි මුල ඉඳලම දැනගෙන උන්න, මේ චිප් වල අති විශාල data ප්‍රමානය්ක් ගබඩා වෙල තියනව කියල. ගොඩක් තාක්ශනික කරුනු අමතක කරල මේ පරික්ශනයෙන් අපි හොයගත්තෙ මොනවද කියල. අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල.  මේ ස්තාන නිවැරදිව හඳුනා ගැනීම තමයි ඊලඟට තිබ්බ අමාරුම දේ.

අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම.  ඒ ඔක්කොම තිබ්බෙ ලොකයේ සියලුම ප්‍රධාන පිරමිඩ් ඇති ස්ථාන වල. එතකොට අපිට තෙරුනා පිරමිඩ් කියන්නෙ නිකම් ම නිකම් ගොඩනැගිලි නෙමෙ. එව ශක්තිය එකතු කරන විසුරුව හරින තැන්.


එත් තව 10 ක් හොයා ගන්න තිබ්බ. එක ගැන ගොඩක් පරීකශන කලාම අපිට තේරුනා ඒව බොහොමයක් පොලව මතුපිට තියන එව නෙමෙ කියල. අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්, සුප්‍රසිඩ්ද බර්මියුඩා ත්‍රිකෝනය, ජපනය අසල ඇති යක්ශයාගේ ත්‍රිකොනය ලෙස හඳුන්වන ප්‍රදේශය ආදී ප්‍රදේශ 10ක්. මෙයින් ප්‍රදෙශ 2ක් තියෙන්නෙ ගොඩබිම.  මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව. මෙය සම කෝනි ත්‍රිකොඉන පද්ධතියකින් තමයි නිර්මානය වෙන්නෙ. මෙහි අරම්භක ත්‍රිකොනය තියෙන්නෙ ශ්‍රි ලංකාව සහ ශ්‍රිලංකාවට අයිති මිහුදු තීරය මුල් කොට ගනිමින්.


මුලු පෘතුවියේම ප්‍රධාන පිරමිඩ් ප්‍රදේශ 3ක් තියනව. මෙක්සිකෝවේ Aztec වරුන් විසින් කල යේ සැලකෙන පිරමිඩ, ඊජීප්තු පිරමිඩ සහ චීනයේ Xi'an පිරමිඩ.  එම පිරමිඩ ප්‍රදේශ තුනම සරල රේඛීය ව පිහිටන්නෙ. ඒ වගේ ම හැම පිරමිඩ් ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ් 3කින් සමන්විතයි. මේ හැම එකකම දුර, එ කියන්නෙ ප්‍රධන පිරමිඩ් ප්‍රදේශ 3 අතර සහ, එක් එක් ප්‍රදෙශ වල ඇති පිරමිඩ් 3 අතර දුර ප්‍රමානය "ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ  ඊජිප්තුවේ  පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව.




 දැන් තේරෙනව ඇති සමනල කන්ද තමයි මේ සියලුම ශක්තිය ලබාගන්නා ස්ථානය. එ වගේ ම අපි ඉතා වැදගත් සොයගැනීමක් කලා. ඒ තමයි මේ සියලුම තොරතුරු ශ්‍රි ලංකවේ ඉසුරුමුනියේ, රන්මසු උයනේ ඇති පහත දැක්වෙන කැටයමේ ඇති බව. 

මෙහි කතිර සලකුන යෙදු රවුම් 23ක් තියනව. එයින් සියලුම ශක්ති බල ප්‍රදේශ පෙන්නුම් කරනව. ඒවගේම එහි හරි මැද ඇති සර්පිලකර රූපයෙන් සමනල කන්ද නිරූපනය කරනව. ඇත්තටම මේ රූපයෙන් පෙන්නන්නෙ මුලු පෘතුවියම තනි ඒකක යක් ලෙස යොදගෙන තැනූ පරිපථයක්. මේ කැටයම ගැන හරියට අධ්‍යනය කරන්න ගොඩාක් කලයක් ගතවෙනව. මෙහි ඇති සියලුම දෙවල් අප විසින් හෙලිකරනව, නියමිත කාලය පැමිනිවිට.
මට තියෙන ඉතා සීමිත කාලයෙන් තම මේක type කලෙ, කිසියම් නැරදිමක් තිබුනොත් සහොදර පාඨක ඔබ සැමගෙන සමාව ඉල්ලනව. මෙපිලිබඳව තියන ප්‍රශ්න  ඉදිරිපත් කරන්න. මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. එත් මේ මූලික කරුනු ටික දැන ගන්න වෙනව මෙතනින් එහට යන්න නම්.

Tuesday, June 26, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

මම ජයරත්න මහත්මය ට ස්තූති වන්ත වෙනව ඔහුගේ වර්ගපූර්ණිකාව (http://vargapurnikava.blogspot.com/) බ්ලොගයේ පෝස්ට් එකක් විදිහට මගේ කොමෙන්‍ටුව පලකිරීම ගැන. බොහෝ දෙනා ගේ උනන්දුවක් ඒ කෙරේ දු‍ටුව නිසා නියමිත කාලයට කලින් වුවත් මම හිතුව මේ බ්ලොග් සටහන් පෙල අරඹන්න කියල. නමුත් ඉතා අවධාරනයෙන් කිවයුත්තේ සමහර දේවල් හෙලිකිරීමට තවමත් නියමිත කාලය නොපැමින ඇති බවයි.
පහත දැක්වෙන්නේ ජයරත්න මහත්මා ගේ "රාවනා රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රො චිපය සදා තිබුනි" යන බ්ලොග් සටහනට මම කොමෙන්‍ටුවක් ලෙස දැමු සටහනයි.
....................................

මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.

1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්

2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත. (මෙය මෙහි සම්පූර්න කතාවේ කොටසක් පමනි. එහි සැබැ කතාව මා ඉදිරි කාලය තුල හෙලි කරන්නම්. )




3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.

4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන "ඉලුමිනාටින්" සහ ‍"ෆ්‍රී මේසන්" වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.

5. ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.


6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.